gravatar

ටී.වී 1කෙන් ඇහුනු කතා-01

අද පෝය දවසක් නෙ.ඉතින් බෝඩිමෙ අංකල් ටී.වී 1කෙන් බණ අහනව.ඉතින් මම කැමතියි මට ඇහුන පොඩි සිද්දියක් ඔයලට කියන්න.

ටී.වී එකේ පොඩි සංවාදයක් තිබුන.එතන හිටපු එක්කෙනෙක්, එයාට වුනු පොඩි සීන් එකක් කට්ටිය එක්ක බෙදා ගත්ත...ඒක මෙහෙමයි!

එයා දවසක් තරුණ පිරිසකට දේශනයක් කරන කොට (ආදරය වගෙ ටොපික් එකක් ),දේශනයට සහභාගීවුවන් අතරින්, ප්‍රශ්ණයක් ලියපු පොඩි චිට් එකක් ආවලු!ඒකෙ මෙන්න මෙහෙම ලියල තිබුනලු!

"දේශකතුමෙනි,මම රෑට පාඩම් කරනකොට මගේ ගෑණු ළමයව මතක් වෙනව,ඒකට මම මොකද කරන්න ඕනෙ!"

මෑන් දැන ගත්තලු, මුන් මාව අමාරුවෙ දාන්න තමයි ට්‍රයි කරන්න කියල.ඉතින් මිනිහ ඒ ප්‍රශ්ණෙට මෙන්න මේ වගේ උත්තරයක් දුන්නලු!බලන්නකො හොදයිද කියල!

"හිතන්න... ඔබ තව අවුරුදු 10 කින් සහභාගී වෙන්න තියෙන මගුල් ගෙදරකට ඇදුමක් මැහැව්ව කියල!

ඔන්න දැන් අවු.10 ක් ගත වෙලා,මගුල් ගෙදරට ඔබ අර කලින් මහපු ඇදුම අදින්න ට්‍රයි කරනව!

මොකද වෙන්න..
සමහරවිට,
ඒ ඇදුම ඔබට හිර වෙන්න පුලුවන්,
ඔබට ඒක ලොකු වෙන්න පුලුවන්,
නැත්නම් පරණ වෙල තියෙන්න පුලුවන්,

එහෙමත් නැත්නම්,ඒක ඒ කාලයට ගැලපෙන්නෙ නැති පරණ ස්ටයිල් එකක් වෙන්න පුලුවන්!........

එතකොට ඔබ මොකද කරන්නෙ?#?

අන්න ඒ වගේ තමයි පුතා! හැම දෙයකටම සුදුසු කාලයක් තියෙනව.
ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න...
ඊට පස්සෙ හොද රස්සා වක් කරන කාලෙට පුලුවන්නෙ අනික් දේවල් කරන්න.එහෙම නේද? "

කට්ටිය මොකද මේ ගැන කියන්නෙ???

gravatar
This comment has been removed by the author.